12.30 pm
ගෑස්, කිරිපිටි, සිමෙන්ති මිල ඉහලට
ගෑස් සිලින්ඩරයක් රු.350/- කින් ඉහළටකිරිපිටි කිලෝවක් රු. 163/- කින් ඉහළට
සිමෙන්ති කොට්ටයක් රු.70/- කින් ඉහළට
අද මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 350කින් වැඩි කර තිබෙනවා. සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු විසින් මේ බව පැවසුවේ අද කොළඹ පැවැති ප්රවෘත්ති සාකච්ජාවකදීය.
මේ අනුව දැනට රු. 2,080/- ක් වන කිලෝ 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රු. 2430/- කි. මිල ඉහල යාම ලාෆ් සහ ලිට්රෝ යන ගෑස් දෙවර්ගයටම බලපායි.
මේ අතර, කිරිපිටි (ළදරු නොවන) මිල ද ඉහළ නැංවීමට පාරිභෝගික සේවා අධිකාරිය අවසර ලබාදී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කලා. මෙ අනුව කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකැට්ටුවක් රුපියල් 163 න් ඉහළ නංවා ඇති අතර රුපියල් 647ක් වු කිරිපිටි පැකැට්ටුවක නව මිල රුපියල් 810ක් වනු ඇති.
ග්‍රෑම් 400 යේ කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 61 න් ඉහළ නංවා තිබේ. ඒ අනුව එම කිරිපිටි පැකැට්ටුවක නව මිල රුපියල් 325ක් වේ.
මීට අමතරව කි.ග්රෑ 50 න් යුතු සිමෙන්ති කොට්ටයක මිල රු.70 න් ඉහළ දමා තිබෙනවා.
3 comments:
suba anagathayak.. ela..
ආසියාවේ ආශ්චර්යය. ඔබට අපේ සුභ පැතුම් ජොන්ස්ටන් ඇමතිතුමනි. කිරිපිටි මිළ වැඩිවූ වහාම පරිභෝජනය 0 දක්වා අඩුවනු ඇති..
Hena gahapn mewa karana gonthadiyonta.....:P
Post a Comment
Your comment will be visible after approval