ලුහුඩු දැන්වීම් ලුහුඩු දැන්වීම්


May 3, 2012

Udari Will be Blessed With a Cute Girl

7 comments
බබාට නම තියන්නේ "ස" යන්නෙන්.
උදාරි පසුගිය කාලයේ සිටියේ විවේකීව විදේශගතව. සතියකටයි ඇය මේ ලංකාවට ඇවිත් තියෙන්නේ. කතා කරන්නට නම් තොරතුරු බොහොමයි. ඇය ගැන අලුත් තතු දැනගන්නට ඔබත් බොහොම ආසාවෙන් පසු වෙනවා ඇති.මේ උදාරි සරසවිය පුවත් පත සමග කල සම්මුඛ සාකච්ජාව …
ඉතිං උදාරි ජීවිතේ සුන්දරයි නේද?

ඇත්තටම ඔව්. ජීවිතේ බොහොම සුන්දරයි, ආදරණීයයි. බලාපොරොත්තු මල්ලක් කර පින්නා ගෙන ජීවත් වෙනවා. බබාට දැන් මාස අටයි. දරුවකු පිළිබඳ පළමු අත්දැකීම මෙය නිසා ආසයි බයයි. දැන් ටිකක් බබා බණ්ඩියේ දඟ කරනවා. එතකොට නම් ඉහිලුම් නැති සතුටක් සිතට දැනෙනවා. සිංගප්පූරුවේදී බබා මෙලොව එළිය දකියි. ඒක නිසා ලබන සතියේ මං ආයෙත් රට යන්න ඕනේ.

 ජීවිතයේ මෙවන් වූ සුවිශේෂී මොහොතකට ඇයි ඔබ සිංගප්පූරුව තෝරා ගත්තේ?


 මගේ සැමියා සුජිත් සිංගප්පූරුවේ වෛද්‍යවරයකු වශයෙන් සේවය කරන එක රහසක් නෙවෙයි. ඒ හින්දා අපට ලැබෙන පහසුකම් වැඩියි. සුජිත් එහෙ ඉන්න නිසා තමයි පසුගිය කාලයේ ඒ රටට ගියේ. මං මෙහෙම කිව්වට මගේ රට අවතක්සේරු කළා කියාල හිතන්න එපා. සුජිත් ළඟ ඉන්න එක මගේ ආරක්ෂාවටත් හොඳයි.

 තව කොපමණ කලක් විදෙස්ගතව ඉන්න බලාපොරොත්තුවක් තියනවද?


බබා ලැබිලා මාස තුනක් විතර යනකම් එහෙ ඉන්නවා.
 

දුවෙකුටද පුතෙකුටද වැඩිපුර කැමැති වුණේ?
 දරුවා පිළිසිඳ ගත් මුල් කාලයේ මගේ මුහුණ හරියට කැත වුණා. අපේ අනුමානය වුණේ කුසේ ඉන්නේ පිරිමි දරුවෙක් විත්තිය. අපි ප්‍රාර්ථනා කළෙත් පිරිමි දරුවෙක්.

 ඒ වුණාට දැන් දුවෙක් නේද ලැබෙන්න ඉන්නේ?

 හ්ම්ම් . . ස්කෑන් එකකින් අපි දැනගත්තා දුවෙක් බව. පුතා වුණාම මොකද, දුවෙක් වුණාම මොකද අනේ. මමත් පවුලක දුවෙක්නේ දුවෙක් ඉන්න මවකට වගකීම් වැඩියි නේද?

එහෙම එකක් නම් තියනවා තමයි. හරි දේ කියා දෙමින් ඇයට මං විසින් ඉටු කළ යුතුª වගකීම් හැම එකක්ම බොහොම හොඳින් ඉටු කරනවා. කොහොම වුණත් අද සමාජය එක්ක බලන කොට දුවෙක් හිටියත් පුතෙක් හිටියත් ඒ ඒ අය වෙනුවෙන් ඉටු කරන්න ඕන වගකීම් සම සමව තියනවා කියලයි මං හිතන්නේ.

බබාට නමක් එහෙම තියලද තියෙන්නේ?

තවම නැහැ. ‘ස’ අකුරෙන් නමක් යොදනවා. ඒ සැමියගේ නම ‘ස’ යන්නෙන් පටන් ගන්න හින්දා.


ඔබේ දියණිය කවදා හෝ දිනයක රඟපාන්න යන්න හැදුවොත්?

 ඇයගේ ආසාවට ඉඩ දෙනවා. හැබැයි තව අවුරුදු විස්සකින් විතර මේ ක්ෂේත්‍රය කොයි වගේ තැනක තියේවිද දන්නේ නැහැනේ. ඒ තත්ත්වය බලලයි රඟපාන්න යවන්නේ.

ඔබ සාර්ථක බිරිඳක්, ගෘහණියක් කියලා හිතනවාද?

අනිවාර්යෙන්ම. අපේ පුංචි කැදැල්ලට දරුවකුගේ අඩුවයි තිබුණේ. දැන් ඒකත් හරි.

7 comments:

Anonymous said...
May 3, 2012, 4:31:00 PM

කොල්ලනේ .......... මේකට comment දානකොට ටිකක් පරිස්සමෙන් දාපල්ලා .
කාගේ උනත් දරුවෙක්නේ ...........

අප්පුහාමි

Anonymous said...
May 3, 2012, 4:33:00 PM

ඔඩෙල් කියල නම තියන්නකෝ...

Anonymous said...
May 3, 2012, 4:52:00 PM

මල කෙලියයි!!!ඔඩෙල් එකේ අනාගතය අදුරුයි...!ඔඩෙල් එකට වැඩිපුර කැමරා ටිකක් ගන්න වෙයි...අම්මයි දුවයි ඔඩෙල් එක සුද්ද කරන්න කලින්...

Anonymous said...
May 3, 2012, 4:56:00 PM

meke comment dapu goda denek jeevitheta kisima weraddak karapu nethi gaanata thamai comment dala thiyenne.

any way...ammalage weradi walata lamayawa gawaganna epa. eeka kaatath podui.

Anonymous said...
May 3, 2012, 5:01:00 PM

මෙන්න හොඳ නම් ටිකක්:

සමයන්
සකලබුජන්
සෙම්බුවා
සොමි නෝනා
සරමා
සකලවති
සලන්බලන්
සොමිය
සොත්ති
සෙරෙප්පුව
සෝඩා
සාපින්
සාජන්
සේප්පදවිජ්ජා
සෙල්ලන්
සල්ලි

Anonymous said...
May 3, 2012, 5:01:00 PM

වයස අවුරුදු 21 දී කරපු පුංචි හොරකමක් අල්ලාගෙන මෙතන ඉන්න මෝඩයෝ ටික ආතල් ගන්නවා.අනේ යකෝ අපි ඉස්කෝලේ යන කලේ කොල්ලෝ එක්ක එකතු වෙලා කඩවල් වල බඩු ඉස්සුවේ නැද්ද? අඩුම තරමින් මේ ගැනි ළමයෙක් හම්බ වෙන්න ඉන්න එකියෙක් කියලවත් හිතලාවත් comment කරපල්ලා.අපේ රටේ මෙච්චර ලොකු ලොක්කෝ හොරකම් කරද්දී මේක මොකද්ද බන් ???

Anonymous said...
May 4, 2012, 7:17:00 AM

Dear Udari, I read all most all comments above.Oya Waradi Wadak kala nisane dan upadinna inna ahinsaka keli podiththita danmama katha hadenne.-KARANA KALATA PAW MIHIRIYA MEE SE- Podi labayak balagena oyage daruwageth nama ketha kala.Redi horakam karana welawata mechchara deyak wey kiyala hithune ne neda?
-MEWA KATA KATATH HONDA PADAM-

Post a Comment

Your comment will be visible after approval