නොකියා වෙතින් මෙගා පික්සල් 41 ක කැමරාවක් සහිත දුරකතනයක්
ජංගම දුරකතන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන නොකියා සමාගම සිය නවතම ජංගම දුරකතනය වන 808 pureview නමැති ජංගම දුරකතනය ලෝකයේ පවත්වන විශාලතම ජංගම දුරකතන ප්‍රදර්ශනයේදී පසුගියදා හඳුන්වාදෙනු ලැබීය.එය ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේදී පැවැත්වෙන අතර ඒ සඳහා ලොව ප්‍රමුඛ පෙළේ දුරකතන සමාගම් සිය නිෂ්පාදනයන් ඉදිරිපත් කරනු ලබයි.

මෙතෙක් එම ජංගම දුරකතනය වෙළෙඳපොළට නිකුත්කොට නොමැති අතර එය එළඹෙන මැයි මාසයේදී වෙළෙඳපොළට නිකුත් කිරීමටයි නොකියා සමාගම බලාපොරොත්තු වන අතර එහි මිල ඇමරිකානු ඩොලර් 600 ක් පමණ වනු ඇති බවයි නොකියා සමාගම පවසන්නේ.
0 comments:
Post a Comment
Your comment will be visible after approval