
හබරණ පොලොන්නරුව මාර්ගයේ පාර හරහා ගමන් කළ අලියකු බේරීම සඳහා උත්සාහ කළ වෑන් රථයක් කොහොඹ ගසක හැපීම නිසා රියදුරු එතැනම මියගොස් ළමුන් හා කාන්තාවක් ඇතුළු 12 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළා.
මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (08 දා) අලුයම පහට පමණය. අඳුරේම පාර පනින්නට ගිය අලියා සිය වාහනයේ නොහැපෙන ලෙස බේරන්නට රියදුරා ගත් උත්සාහයේදී මෙම අනතුර සිදුවන්නට ඇතැයි සැකකෙරේ. හබරණ පොලොන්නරු මාර්ගයේ 7 කණුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර තුවාල ලැබූවන් දඹුල්ල කුරුණෑගල මහනුවර රෝහල්වලට ඇතුළත් කෙරුනා.
කොළඹ උත්සවයකට සහභාගි වී කල්මුණේ බලා යමින් සිටි පිරිසක් මෙසේ අනතුරට ලක්‌වී ඇත.
0 comments:
Post a Comment
Your comment will be visible after approval