ලුහුඩු දැන්වීම් ලුහුඩු දැන්වීම්


Mar 6, 2012

Himali Sayurangi Speak

0 comments

අපේ හිතවත්කම ටික ටික වැඩිවුණා

පසුගිය 01 වෙනිදා ඔබ හොඳන් දන්න හඳුනන නව පරපුරේ දක්ෂ, ජනපි‍්‍රය,සම්මානනිය රංගන ශිල්පිණියක් වන හිමාලි සයුරංගිගේ විවාහය සිදුවුණා. ඇය පසුගිය දා පුවත් පත් සම්මුඛ සාකච්ඡාව දී අදහස් දක්කවා සිටියාය.

හිමාලි ඇයි මේ හදිස්සියෙන් විවාහ වුණේ?
හඳිස්සියේ නෙමේ ලාබාල වයසක නෙමෙයි මම ඉන්නේ.මේක තමයි මගේ විවාහයට සුදුසුම වයස. හොඳ කෙනෙක් හම්බුණා ඉතිං විවාහ වුණා. අනික දැනුම් තේරුම් ඇති වයසකනේ විවාහ වෙන්න ඕනෑ.


කවුද ඒ කෙනා?
ඔහු අසංග දැන්වීම් පචාරක ආයතනයක් තියනවා. මම අවුරුදු බහක් හයක් තිස්සේ හොඳට දන්න හඳුනන කෙනෙක්.

 
කොහේදිද මේ හමුව සිද්ධවුණේ?
මම පේද්ගලික ගුවන් විදුලි නාලිකාවක විකාශය වන නාට්‍යක හඬ කැවීම් වලට ගියා. එවිට අසංගත් එම ගුවන්විදුලි නාලිකාවට ඇවිත් හිටියා.ඔහුගේ දැන්වීම් පචාරක ආයතනයේ වැඩකට. එදා ඉදන් අපි දෙන්නා අතර හොඳ හිතවත්කමක් ගොඩනැඟුණණා. ඒ වගේම මගේ හොඳය යාළුවෙකුත් වුණා.


මේ මිතුදම වැඩිවුණේ ?
මේ යාළුකම තව තව වැඩිවෙන්න ගත්තේ අමා නාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධවුණාට පසුව. අමා නාට්‍යයේ රූගත කිරීම් කළේ අසංගගේ දැන්වීම් පචාරක ආයතනයේ. එතැනදී ඔහුව ම‍ට නිතර මුණ ගැහෙන්න පටන් ගත්තා.


එදා මොකද හිතුණේ ?
මම ටිකක් කාලය ඇගත්තා. මොකද කල්පනා කරලා තමයි එවැනි යෝජනාවකට උත්තර දෙන්න ඕනැ. ඊට පස්සේසතියකින් විතර උත්තරයක් දුන්නා.


අසංග එවැනි යෝජනාවක් ගෙනෙයි කියලා ඔබ හිතුවද?
මම එහෙම හිතුවේ නැහැ. මම ඔහු ගැන හොඳට දන්නවා. මම හිතුවා මං ගැන අවබෝධයක් තියන කෙනෙක් එක්ක විවාහ වෙන්න ඕනෑ කියලා.


විවාහයෙන් පසුව රංගනයෙන් ඈත් වෙන්නද සූදානම ?
එහෙම අදහසක් නැහැ.


ඉදිරියේදී ඔහු රඟපාන්න එපා කිව්වොත් ?
ඔහුගෙන් විරුද්ධත්වයක් නැහැ. අනික විවාහ වුණා කියලා රංගනයෙන් ඈත් වෙන්න වුවමණාවක් නැහැ. මගේ සැමියා හොඳ ගතිගුණ තියන කෙනෙක්. එයා මට රඟපාන්න ඉඩදෙනවා.


අසංගගේ හොඳ ගතිගුණ මොනවද ?
මාව හොඳින් බලා ගන්න කෙනෙක් තමයි හැමදාම හෙව්වේ. ඔහුත් මමත් සම වයසේ. මම කොහොමටත්කැමත් යාළුවෙක් වගේ ඉන්න. මම හිතනවා අපේ පවුල් ජීවිතය සාර්තක වෙයි කියලා. අපි දෙන්නා හොඳ යාළුවො දෙන්නෙක් වගෙයි ඉන්නේ.


විවාහයෙන් පසුව කොහෙද පදිංචිය ?
එයාගේ ගෙදර ඉන්න තීරණය කළා.


කවදා හරි දවසක අසංග රඟපාන්න එපා කිව්වොත් ?
මම මුලින් කිව්ව වගේ එයා එහෙම කියන කෙනෙක් නම් නෙමේයි. එයා එපා කිව්වොත් මම අයින් වෙනවා.


අලුත් කිර්මාණ වලට ආරාධනා ලැබුණේ නැද්ද ?
මේ ටිකේ නම් අල්ත් නිර්මාණ භාර ගත්තේ නැහැ. හොඳ නිර්මාණ එකකට දෙකකට ආරාධනා ලැබුණා. ඒවා තවම සාකච්ඡා මට්ටමේ තියෙන්නේ.

 
මේ දවස් වල නියැළිලා ඉන්න කලා කටයුතු මොනවද ?
රඛවිරු රයල්සටාර් වැඩසටහනේ නිවේදන කටයුතු කරනවා. ඒ අතරේ අමා ටෙලි නාට්‍යයේ රූගත කිරීම් කටයතු වලට දායක වෙලයි ඉන්නේ. සංජය ගුණවර්ධනගේ ටෙලි නාට්‍යකත් රූගත කිරීම්වලට දායක වෙනවා. ඒ අතරේ මම පසුගිය දිනවල කුස පබා චිතපටයේ පබාගේ චරිතයේ හඬ කැවීමි සිදුකළා. එය මේ දින වල තිරගත වෙනවා.

-උපුටා ගැනීම : මිවිත-

0 comments:

Post a Comment

Your comment will be visible after approval