ලුහුඩු දැන්වීම් ලුහුඩු දැන්වීම්


Mar 6, 2012

Sri Lanka Must Win Today

5 comments

තීරණාත්මක දෙවැනි අවසන් තරගය අද

ඕස්ටේ‍්‍රලියාව පන්දුවට පහර දෙයි

කොමන්වෙල්ත් බැංකු කුසලානය සඳහා තරඟ වදින ශ‍්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි අවසන් තරඟය අද එරට ඇඩිලේඞ්  ඕවල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙහිදී කාසිවේ වාසිය දිනූ  ඕස්ටේ‍්‍රලියානු නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කර තිබේ.

තරඟ තුනකින් සමන්විත අවසන් වටය් පළමු තරඟයෙන් ශ‍්‍රී ලංකා පිල පරදවන්නට  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමත් විය. ඒ අනුව තරඟාවලියේ ශූරතාවය ලබා ගැනීමට නම් මෙම තරඟය ජය ගැනීම අනිවාර්ය වේ.
දිවා රාත‍්‍රී තරඟයක් වන මෙම තරඟයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම මහේල ජයවර්ධන විසින් සහ  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම මයිකල් ක්ලාක් විසින් මෙහෙයවනු ලබයි.
අද තරගය ජයගෙන ශූරතාව දිනා ගැනීමට ඕස්ට්‍රේලියාව සටන් වදින අතර කිසිදා දිනා නැති ඕස්ට්‍රේලියානු තුන්කොන් ශූරතාව හිමිකර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව සටනට පිවිසී සිටියි.
ප්‍රථම අවසන් තරගය පරාජය වුවද සටන්කාමී නායකයකු වූ මහේල ජයවර්ධන අද පෙරළියක් සිදුකරනු ඇතැයි ක්‍රීඩා විචාරකයෝ අනාවැකි පළ කර තිබේ.
සජීවී ලකුණු පුවරුව මෙතනින්

සජීවීව නරඹන්න මෙතනින්

 

5 comments:

Anonymous said...
Mar 6, 2012, 9:40:00 AM

අපේ කොල්ලොන්ට ජය වේවා....!!!!

Anonymous said...
Mar 6, 2012, 9:42:00 AM

WELLDONE SRI LANKA HOP HIP HUREEEEEEEEEEEEEEEEEEEE


Chilaw Girls

Anonymous said...
Mar 6, 2012, 10:00:00 AM

ape kollonta jaya wewa....

Anonymous said...
Mar 6, 2012, 10:05:00 AM

කොල්ලනේ හොඳ ගේමක් දීපල්ලා,ජය වෙවා

Anonymous said...
Mar 6, 2012, 10:12:00 AM

Apooooo Kapugedarayawa apahu aran...okage pada show eka witharai.weda ne.balapallako

Post a Comment

Your comment will be visible after approval