ලුහුඩු දැන්වීම් ලුහුඩු දැන්වීම්


Feb 28, 2012

Dhoni hits out at controversial decisions

3 comments
දෝණිගෙන්  මාධ්‍යටද  චෝදනා...

ඕස්ටේ‍්‍රලියාව සමග පසුගියදා  පැවැති එක්දින කි‍්‍රකට් තරගයේදී විනිසුරුවරුන් ලබාදුන් තීරණ තම කණ්ඩායමේ පරාජයට බලපෑම් එල්ල කළ බව ඉන්දීය කි‍්‍රකට් නායක මහේන්ද්‍ර සිං දෝණි  පවසනවා. ඔහු මෙලෙස විවේචනයට ලක්කර ඇත්තේ ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රඩක ඬේවිඞ් හසී කඩුල්ල වෙත පැමිණි පන්දුව අත් ආවරණයෙන් වැළැක්වීම සහ සචින් තෙන්ඩුල්කාර් කඩුලූ අතර ලකුණක් ලබා ගැනීම සඳහා දිව යද්දී  බෙට් ලී කළ බාධාව සම්බන්ධයෙන් විනිසුරුවන් ලබාදුන් තීන්දුවයි.


මේ අතර මහේන්ද්‍ර සිං දෝණි  මාධ්‍ය වෙත ද චෝදනාවක් එල්ල කර තිබෙනවා. ඒ, තමා සහ විරේන්ද්‍ර ෂෙවාග් අතර ගැටුමක් නිර්මාණය කිරීමට උත්සාහ කරන බවට පවසමින්. දැනට යම්කිසි පසුබෑමකට ලක්ව සිටින ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායම තවත්  පහළට ඇද දැමීම මාධ්‍යයේ උත්සාහ බවයි දෝණි වැඩිදුරටත් කියා සිටියේ.


ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද ඕස්ටේ‍්‍රලියාවේ හොබාට්හිදී පැවැත්වෙන තරඟය ඉන්දියාවට වැඩි තීරණාත්මක තරඟයක් වනු ඇති බවයි විචාරකයින් පවසයි.

3 comments:

Anonymous said...
Feb 28, 2012, 7:53:00 AM

Dan Itin world champions gedara thamai...

Anonymous said...
Feb 28, 2012, 9:59:00 AM

Mokek ekka paradunath indian un ekka dinapalla...okun nisa tama ape rata kalakanni wune...munge fans la Sri Lanka gana dana comment dakkama ange malu natanawa....dinapalla udinma....JAYAWEWA

Anonymous said...
Feb 28, 2012, 12:54:00 PM

ගහපිය ඕකුන්ට ඕකුන් මහා ආඩම්බර කාර හැත්ත...

Post a Comment

Your comment will be visible after approval