ලුහුඩු දැන්වීම් ලුහුඩු දැන්වීම්


Apr 27, 2012

Wheat flour price upped

0 comments
තිරිඟු පිටි මිල ඉහළ දැමේ
ඊයේ (26 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට තිරිඟු පිටි කිලෝවක මිල රු. 8.50 කින් ඉහළ නැංවීමට ප්‍රීමා සමාගම කටයුතු යොදා ඇත.
ඒ අනුව දැනට පවතින රු. 90.00 ක්‌ වූ තිරිඟු පිටි කිලෝවක මිල රු. 98.50 ක්‌ දක්‌වා ඉහළ යනු ඇත. ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියල අවප්‍රමාණයවීම හා තිරිඟු පිටි කිලෝවක්‌ සඳහා රු. 10 බැගින් සෙස්‌ බද්දක්‌ රජයෙන් අය කිරීම නිසා මෙසේ පිටි මිල වැඩි කිරීමට සිදුවූ බව සමාගම පවසයි.
 තිරිඟු පිටි මිල ඉහළ යැමත් සමගම පාන් මිලද ඉහළ නැංවීමට සිදුවන වන සමස්‌ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටියේය. ඒ අනුව අද (27 වැනිදා) හෝ හෙට (28 වැනිදා) තම සංගමයේ සාමාජිකයන් කැඳවා සාකච්ඡා කර පාන් මිල ඉහළ දමනාවද නැද්ද යන්න පිළිබඳව තීරණයකට එළැඹෙන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.


0 comments:

Post a Comment

Your comment will be visible after approval