ලුහුඩු දැන්වීම් ලුහුඩු දැන්වීම්


Mar 21, 2012

PS Member Arrested for Abduction Rape of Girl

0 comments
ප්‍රා.සභා මන්ත්‍රී තරුණියක් පැහැරගෙන ගොස් දූෂණය කරයි.

ප්‍රාදේශීය සභා මන්ත්‍රී නලින්ද රාජනායක තරුණියක් පැහැරගෙන ගොස් තවත් පිරිසක් හා එක්ව දූෂණය ලර ඇත.සන්ධාන පූජාපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී නලින්ද රාජනායක හා ත්‍රී රෝද රථ රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 
19 දින පසුවරුවේ තරුණිය පැහැරගෙන මන්ත්‍රීවරයාට අයත් නිවසකදී තවත් පිරිසක් හා එක්ව රාත්‍රිය පුරාවට දූෂණය කල බවට තරුණිය අංකුඹුර පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු අංකුඹුර පොලීසිය විසින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. අදාල අනෙක් පිරිස අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ කටයුතු සිදුකරන බව පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පූජාපිටිය ප‍්‍රාදේශීය සභාව නියෝජනය කරමින් තේරීපත්වූ නලින්ද රාජනායක නමැති මන්තී‍්‍රවරයායි.මොවුන් විසින් දහඅට හැවිරිදි තරුණියක් මෙලෙස කෙළෙසා ඇතැයි පැවසේ.සැකපිට අත්අඩංගුවටගෙන ඇති අනෙක් සැකකරු චමීර ජයසංඛ හෙවත් කළු මල්ලි නැමැත්තෙක් බව වාර්තා වේ.

මේ වනවිට අත්අඩංගුවේ සිටින දෙදෙනාගෙන් ප්‍රශ්න කෙරෙමින් තිබේ.තරුණිය විසින් අංකුඹුර පොලිසියට කල පැමිණිල්ලේ දැක්වෙන්නේ 19 වනදා පස්වරුවේ තමන් පැහැරගෙන ගොස් එම ප්‍රදේශයේම නිවෙසකටත් රැගෙන ගොස් තවත් පිරිසක් සමග අතවර කල බවයි.

0 comments:

Post a Comment

Your comment will be visible after approval