
අහිතකර පරිගණක වෛරසයක් අන්තර්ජාලයේ පැවැත්මට බධා ඇති කරමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
මෙම වෛරසය පරිගණකයට ඇතුල් වීමෙන් පසු එහි සැකසුම් වෙනස් කරන බවත් අනතුරුව අන්තර්ජාලයට පිවිසෙන්නා ව්‍යාජ වෙබ් අඩවි වෙත ප්‍රවේශ කරවන බවත් සංසදය පවසයි. ඇමෙරිකා එක්සත් ජනපද විදේශ පරීක්‍ෂණ කාර්යයංශය (FBI) මගින් ලබන ජුලි මස 9දා මෙම අහිතකර පරිගණක වෛරසයෙන් අන්තර්ජාලය සුරක්‍ෂිත කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද සංසදය සදහන් කරයි.
ඉහත දිනට පසු මෙම වෛරසයට ලක්ව තිබෙන පරිගණක ඔස්සේ අන්තර්ජාලයට පිවිසීමට හැකියාවක් නොමැති වන බවද සංසදය පවසයි. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය යටතේ ක්‍රියාත්මක වේ. ඒ අනුව අපගේ රහස්‍ය තොරතුරු අප කිසිදු සැකයකින් තොරව ඇතුලත් කරීමත් සමග ඒවා හැකර්වරුන්ගේ අතට පත්වේ.ලොව පුරා ඇති පරිගණක මිලියන පහකට මෙම වෛරසය පැතිරගොස් ඇත.
තවමත් ලංකාවේ මෙය පැතිරී ඇති පැමිණිලි නොලැබුණු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි.වෛරසය පැතිරුණු පරිගණක ඔස්සේ අන්තර්ජාලයට සම්බන්ධ වීම වැලැක්වීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් පරීක්ෂණ කාර්යාංශය ලබන ජුලි මස 9 වනදා සිට වෛරසය පැතිරුණු පරිගණක අන්තර්ජාලයට සම්බන්ධවීම වලක්වනු ලැබේ.
එයට පෙර ඔබගේ පරිගණකයටත් මෙම වෛරසය පැතිරී ඇත්දැයි පහත සබැඳියෙන් බලා ගත හැක.
http://www.dns-ok.us වෙබ් අඩවියට පිවිසීමෙන් සිය පරිගණකය මෙම වෛරසයෙන් සුරක්‍ෂත කර ගැනීමට පියවර ගත හැකි වන බවද සංසදය සදහන් කරයි.
එහිදී DNS Resolution = GREEN
ලෙස ලැබෙන්නේ නම් ඔබේ පරිගණකයට වෛරසය පැතිරී නැත
DNS Resolution = RED ලැබෙන්නේ නම් වෛරසය පැතිරී ඇත
3 comments:
එල එල ඔන්න මගේ එක නං කොළ....යකෝ මාර වයිරස් නේද තියෙන්නේ....
machanla mage wallpaper eka naane.. Virus ekawath awillada....
මගේ Green..දැනුවත් කිරීම ගැන මාගේ ප්‍රනාමය
Post a Comment
Your comment will be visible after approval