ඉදුරුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සංචාරක හෝටලයක නවතන් ගෙනසිටි යුවලක් ගෙල වැලලාගෙන මිය යාමේ සිද්දියක් ඊයේ වාර්තා වුණා.
ඉදුරුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මහුදු තිරයට ආසන්නව පිහිටා ඇති සංචාරක හෝටලයට නවාතැන් ගැනීමට යුවලක් පැමිණි බවත් මොවුන් ඊයේ පස්වරු 11 ට පමණ යළි පිටව යන්න සිටි බවත් හෝටල් කළමණාකාරීත්වය දන්වා තිබෙනවා. නමුත් උදෑසන 11 පසුවිත් කාමරය දෙසින් කිසිදු ශබ්දයක් නොමැති නිසා හෝටල් සේවකයන් දොරට තට්ටු කර ඔවුන් අමතා තිබෙනවා නමුත් කිසිම ප්‍රතිචාරයක් නොමැති නිසා කළමණාකාරීත්වය කොස්ගොඩ පොලිසියට දැන්ව තිබෙනවා. පොලිසිය පැමිණ දොර කඩා බලන විට දුටු දර්ශනයට ඔවුන් තිගැස්සී ඇත. කාමරය ඇතුලේ අද උඩ බලකායේ දෙදෙනා මුහුණට මුහුණ බල සිටිනා සේ එල්ලී මියගොස් ඇත. මොවුන් ගෙල වැලලාගෙන ඇත්තේ ඇද ඇතිරිලි අබරා ලණු ලෙස බාවිතා කරමින්.
මිය ගිය තරුණයා විවාහකයෙකු බවත්, ඔහු අවුරුදු 5 ක දරුවෙකු සහ සිවු මස්ති බිලිදියකගේ පියෙකු බවත් සොයාගෙන ඇත. මිය ගිය තරුණිය සමග මේ තැනැත්තා අනියම් පෙමක පැටලී ඇති බවත්, ඇය අවිවාහක තරුණියක් බවත්. මෙම තරුණිය මියගිය තරුණයාගේ බිරිඳගේම බල නැගෙණිය බවත් සොයා ගෙන ඇත. මොවුන් මිය යන්නට පෙර මේ අනියම් පෙම එළිවී පවුල් ආරවුලක් ඇතිවී ඇති බවටද වාර්තා වුණා.
0 comments:
Post a Comment
Your comment will be visible after approval