ලුහුඩු දැන්වීම් ලුහුඩු දැන්වීම්


Dec 16, 2011

A/L Results Release : SB Says YES Department Says NO

0 comments

උසස් පෙළ ප්‍රතිඵල සඳුදා? අධ්‍යාපන ඇමති

ඇමති කිව්වත් 19 දා උ/පෙළ ප්‍රතිඵල නිකුත් කරන්න බෑ - විභාග කොමසාරිස්

 මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනීසිටි සිසුන්ගේ ප්‍රතිඵල ලබන සඳුදා දිනය වන විට නිකුත් කිරීමට හැකිවෙතැයි බලාපොරොත්තු වන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක මහත පවසයි.


අමාත්‍යවරයා අද (16) පාර්ලිමේන්තුවේදීමේ බව පවසා සිටියේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.
අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසූයේ විෂය නිර්දේශ දෙකක් යටතේ මෙවර විභාගය පැවති බැවින් සිසුන් විශ්ව විද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේදී කිසිඳු සිසුවෙකුට අසාධාරණයක් නොවියයුතු හෙයින් ප්‍රතිඵල නිකුත් කිරීම වෙනුවෙන් නිලධාරීන් වෙහෙසෙමින් සිටින බවය.

නමුත් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළ ද ලබන සඳුදා(19) වනවිට අ. පො. ස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි බව විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතා පවසයි.

0 comments:

Post a Comment

Your comment will be visible after approval