ලුහුඩු දැන්වීම් ලුහුඩු දැන්වීම්


Dec 24, 2011

A/L results to be released tomorrow

0 comments

උසස්පෙල ප‍්‍රථිපල අද රාත‍්‍රියේ

 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට(25) දිනයේ නිකුත් කෙරෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි. හෙට පෙරවරුවේ ප්‍රතිඵල අන්තර්ජාලයට මුදා හැරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. කොළඹ හා ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන්ට හෙට දිනයේ විභාග දෙපාර්තමේන්තුවට පැමිණ අදාළ ප්‍රතිඵල ලබාගත හැකි අතර පිට පළාත්වල‍ ප්‍රතිඵල ලේඛන හෙට දිනම තැපෑලට යොමු කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
උසස් පෙළ ඉසෙඩ් ලකුණු තීරණය කිරීම සඳහා විශේෂඥ කමිටුවට දින කිහිපයක් ගත වන බව දැනගත් ජනාධිපතිවරයා අදාළ පාර්ශව ගෙන්වා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.එහි ප්‍රතිඵලයක් ලෙස විශේෂඥ කමිටුව අද දිනයේම අවශ්‍ය ‍තොරතුරු ලබාදුන් බැවින් ප්‍රතිඵල නිකුත් කිරිමට හැකිවී ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

0 comments:

Post a Comment

Your comment will be visible after approval