ලුහුඩු දැන්වීම් ලුහුඩු දැන්වීම්


Dec 25, 2011

Athula & Samitha "Alenwela" is not a hint of Separation

0 comments
ආලෙන් වෙලාගන්න කෝලම් කළා  සිත ආලෙන් මුදාගන්න මායම් කළා...
මම හීනෙන් අපේ ලෝකෙ සායම් කළා ඔබ සායම් මක ලන්න වෑයම් කළා...
කලකට පස්සේ අතුල හා සමිතා විසින් ගයනා කරන මේ යුග ගීතය ගැන මෙන්ම ඒ සදහා ලැබෙන ප්‍රතිචාර පිලිබදව අතුල හා සමිතා
සිය අදහස් පළකර තිබේ.
අතුල පවසන්නේ මේ ගීතය කියන්න තමන්ට භාර දුන්නට සහය ගායිකාව කවුද යන්න පිලිබදව තමන් නොදැන සිටී බවයි
.
මාධව මට කතා කළා මෙහෙම සිංදුවක් තියෙනවා කියන්න පුළුවන් ද කියලා. අනිත් ගායිකාව කවුරුන්ද යන වග කිව්වේ නැහැ. සිංදුව රිලීස් වුණාට පස්සෙයි දන්නේ මත් එක්ක සිංදුව කියන්නේ සමිත බව. සිංදුව ප්‍රචාරය වන්න පටන් ගත්තට පස්සේ පැතිර ගියේ මමවත් ජිවිතේ හිතන්නේ නැති කට කතාවක්. මම මම ගොඩක් අපහසුතාවයට පත් වුණා ඒක හින්දා.

අතුල මෙසේ කියද්දී සමිතා පවසන්නේ...

මේ සිංදුව ටිකෙන් ටික ක්‍රමයෙන් ගුවන්විදුලි නාලිකාවල ප්‍රචාරය වුණා. එතකොටම මිනිස්සු කියන්න ගත්තා අතුල සමිතා වෙන් වෙලා යන්නයි මේ සිංදුව ගැයුවේ කියලා. මට හිනා ඒ කතාවට. අති විශාල ප්‍රමාණයක් දුරකතන ඇමතුම් ගල අවා, ඒ අයත් ඇහුවේ ඒ කතාවම තමයි. මමත් ඒ අයට පැහැදිලි කරලා කරලා දුන්නා ගීතයක් එක් මධ්‍යක් පමණයි ගීත වලින් කියන අදහස් ඇත්තම නොවෙයිනේ. අනික අතුලයි මමයි සින්දු කියා කියා වෙන්වෙන්න ඕන නැහැනේ. අපි හොදින් ඉන්නවා ඒක තමි සත්‍ය. ඇලෙන් වෙලා ගීතයෙහි තේරුම හරි අමුතු වෙනම එකක්,එහි අන්තර්ගතය දෙදෙනෙක් වෙන් වී යාම පිළිබද නොවෙයි එකයි කට කතා පැතිර යාමට මුලික හේතුව.


ගීත රචකයා වන මාධව හේවාවසම් පවසන්නේ...

තරුණයෙක් තරුණියකගෙන් ආදරය අයැදීමක්, එහෙත් තරුණිය ඒ වන විටත් ආදරවන්තියක්. ඒක කියන්නේ “ වසන්තේ ඇවිත් බොහොම කාලයක් මෙහේ” නමැති පේලියෙන්.
තව දුරටත් ඔහු සදහන් කරන්නේ මේ ගීතයට කවදාවත් ව්ෂුවල් එකක් නොකරන බවයි. එයට හේතුව ලෙස ඔහු දක්වන්නේ විෂුවල් එකක් කළොත් රසිකයන්ගේ සිතෙහි ඇදුණු චිත්‍ර ඒක රාමුවකට කොටු වෙන බවය...

0 comments:

Post a Comment

Your comment will be visible after approval