දුමින්දගේ හිසේ ශල්යකර්මයමුල්ලේරියාව වෙඩි තැබීමේ සිද්ධියේදී හිසට වෙඩි වැදී මාරාන්තික තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාට ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී සිදුකළ බරපතල ශල්‍යකර්මය දැක්වෙන ඡායාරූප දැන් අප වෙත ලැබී තිබෙනවා. මන්ති‍්‍රවරයාගේ හිසෙහි බරපතල ශල්‍යකර්මය සිදු කරද්දී ගත් ඡායාරූප සහ හිසට එල්ල වූ මාරාන්තික වෙඩි ප‍්‍රහාරයේදී උණ්ඩ හිසට ඇතුලූ වූ සහ පිට වූ ආකාරය දැක්වෙන එක්ස්-රේ ඡායාරූප ද ඊට ඇතුළත්.
මේ අතර, මුල්ලේරියාව වෙඩි තැබීමේ සිද්ධියේදී සැබවින්ම අගතියට පත්වූයේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා බව තහවුරු කෙරෙන, ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තා ද අප වෙත ලැබී තිබෙනවා.
මෙම වෙඩි තැබීම සෙන්ටිමීටර් 10 ත් 30 ත් අතර දුරකින් සිදුවී තිබෙන බවත් එහිදී පෙන්වා දෙනු ලැබුවා. මෙම වෙඩි තැබීම සිදු වී ඇත්තේ මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා බිම බලාගෙන සිටියදීයි. තොරතුරුවලට අනුව භාරත ලක්ෂ්මන් සහ ආර්. දුමින්ද සිල්වා මන්ති‍්‍රවරයා අතර ගැටුමක් සිදුවී ඇති බවත් භාරත ලක්ෂ්මන් බිම ඇද වැටුණු පසු ආර්.දුමින්ද සිල්වා මන්ති‍්‍රවරයා ඔහුගේ ඇඟ මතට වැටී ඇති බවත් එම ප‍්‍රකාශයේ සඳහන්. ප‍්‍රශ්නය තිබෙන්නේ ආර්. දුමින්ද සිල්වා මන්ති‍්‍රවරයාට වෙඩි තැබූවේ කවුරුන්ද යන්න පිළිබඳවයි. මන්ති‍්‍රවරයාට තුවාල සිදුවූයේ කෙසේද යන්න දැනට ලැබී තිබෙන පැමිණිලි සහ වාර්තා අනුව නිවැරදිව ප‍්‍රකාශ කළ නොහැකියි. තත්ත්පර 30 ක කාලයක් ඇතුළත මේ සියල්ල සිදුවී තිබෙනවා.
ආර්. දුමින්ද සිල්වා මන්ති‍්‍රවරයාට සිදුවූ වෙඩි තැබීමෙන් පසුවයි අනෙකුත් සියලූම වෙඩි ප‍්‍රහාර සිදුවී ඇත්තේ. වෙඩි වැදුණු පසු ඔහු ලේ ගොඩක් මත බිම වැටී තිබෙනවා
පහත දැක්වෙන්නේ එම වාර්තාව සහ ඡායාරූපයි.

















0 comments:
Post a Comment
Your comment will be visible after approval