ලුහුඩු දැන්වීම් ලුහුඩු දැන්වීම්


Dec 14, 2011

Colombo Night Race - 2011

0 comments
රාත්‍රී මෝටර් රථ හා යතුරුපැදි තරඟාවලියක්

ප්‍රථමවරට කොළඹ නගරයේ රාත්‍රී මෝටර් රථ හා යතුරුපැදි තරඟාවලියක් පැවැත්වීමට කාල්ටන් සපෝර්ට් නෙට්වර්ක් හා තාරුණ්‍යට හෙටක් සංවිධානය කර ඇත. මෙම තරඟ මෙම මස 16 හා 17 දින සවස 6 සිට අලුයම 4 දක්වා පැවැත්වේ.තරඟ පැවැත්වීම හේතුවෙන් එම දින දෙකේදී කොළඹ නගරයේ මාර්ග ගණනාවක් වසා දැමීමට නියමිතය.
ලෝටස් පාර,ඩියුක් මාවත,බාරොන් ජයතිලක මාවත,යෝක් විදිය,ලංකා බැංකු මාවත එසේ වසා දැමීමට නියමිත මාර්ග අතර වනවා. මෙම තරඟාවලියට මෝටර් රථ ධාවන තරඟ වර්ග නවයකුත් යතුරුපැදි ධාවන තරඟ වර්ග 6 කුත් පැවැත්වීමට නියමිතයි.

මෝටර් රථ ධාවන තරඟ සඳහා ශ්‍රී ලාංකික තරගකරුවෝ 120 දෙනෙකුත් විදේශිකයෝ 12 දෙනෙකුත් හා යතුරුපැදි තරඟාවලිය සඳහා තරඟකරුවන් 95 දෙනෙකුත් සහභාගී වීමට නියමිතයි.මෙම තරඟාවලියට ඉහළපෙලේ ව්‍යාපාරිකයන් විසින් ලක්ෂ 200 කට ආසන්න මුදලක් දැනටමත් වෙනකොට ඇත.ඒ අනුව මෙහි ටිකට්පත් රුපියල් 50 සිට 3000 දක්වා මිලකර ඇත.

0 comments:

Post a Comment

Your comment will be visible after approval