
බිග් මැච් උමතුවෙන් මේ දිනවල කොළඹ හා තදාසන්න නගරවල පාසල් සිසුන් දක්වන සංදර්ශන වලින් අඩුවක් නැත. අද දහවල් කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාල දෙකකට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරූ පාසල් සිසුන් 43 දෙනෙකු කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසියට ලැබුන දුරකථන ඇමතුමකට අනුව ක්‍රියාත්මක වූ පොලීසිය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සිසුන් සියලු දෙනාම කොළඹ රාජකීය විදුහලේ සිසුන් වන අතර ඔවුන් අත් අඩංගුවට පත්වී තිබෙන්නේ බිෂොප් විද්‍යාලයට ඇතුළුවූ අවස්ථාවේදීයි.
මෙම “බිග් මැච්” මුල් කරගෙන කොළඹ ප්‍රධාන පෙළේ පාසල් අතර ඇතිවන ගැටුම්, කළහකාරී තත්වයන් මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ද පිරිමි පාසල් වල විදුහල්පතිවරුන් සමග පොලිසීය මේ වන විටත් සාකච්ඡා කෙරෙමින් පවතිනවා
3 comments:
නම රෝයල් උනාට හැසිරීම තුට්ටු දෙකයි
අඩෙයි අප්පා ...කොල්ලෝ උනාම ඔම තමයි ... බනින එවුන් ඉතින් එපා කියයි බිෂොප් එකේ කෑල්ලක් දුන්නොත් ..
~~ අහමඩ් නානා ~~
t is a common occurrence. People should lighten up, take it easy and get a life. I bet the girls enjoyed the moment too. Only once a year and No harm done.
Post a Comment
Your comment will be visible after approval