
"අනේ ඩොක්‌ටර් අම්මට දැන්ම කියන්න එපා"
වේයන්ගොඩදී දුම්රියෙන් වැටීමෙන් පෙරේදා (17 වැනිදා) පස්වරුවේ තරුණයකු ජීවිතක්ෂයට පත්විය.
තරුණයා දුම්රියෙන් බැසීමට පා පුවරුවට පැමිණි අවස්ථාවේ පා පුවරුව කඩාගෙන වැටුණු බවයි.
අනතුරින් පසු තරුණයා තමන්ගේ ළඟට පැමිණි අයකුගෙන් දෙපා කැඩී ඇති දැයි, රැස්ව සිටි පිරිසෙන් විමසූ බවත් ඉන්පසුව තමන් දුම්රිය මාර්ගයෙන් ඉවතට ගන්නා ලෙස ඉල්ලා සිටි බවත් සිද්ධිය ඇසින්දුටුවකු පැවසීය.
විශේෂඥ ශල්‍ය වෛද්‍ය නිහාල් නුගදූව මහතා ද පැමිණ රෝගියා පරීක්‍ෂා කර ඒ මොහොතේ රෝගියා බාරව සිටි වෛද්‍ය ශාන්ත කුමාර අමරසිංහ මහතාට ඉංග්‍රිසියෙන් කළ උපදෙස් ද රෝගියා අසා සිටියේය.
“අනේ මගෙ කන්දෙකට පුළුන් කෑලි දෙකක් ඔබන්න. මම දන්නවා. මම ජීවත් වෙන්නේ නෑ. ඒ නිසා මාව ජීවත් කරවන්න උත්සාහ ගන්න එපා. කියා ආයාචනා කරන්නට විය.
ඒ අසල සිටි තරුණ වෛද්‍යවරිය දෙස බලා තරුණයා ඇසුවේ “කකුල් දෙක නැති කෙනෙක්‌ව බඳින්න ඩොක්‌ටර් වුණත් කැමති නෑ නේදැයි” කියාය.

සිද්ධිය දුටුවන් පොලිසියට කියා ඇත්තේ අනතුරෙන් පසු සෑහෙන වේලාවක් ඔහු අනතුර වූ ස්‌ථානයේ සිටි බවය.
“මම හිතාමතා දුම්රියට පැන්නේ නෑ එහෙම පැනලා මැරෙන්න මට ප්‍රශ්නයක් ඇත්තෙත් නෑ. මට දැනුනේ දුම්රියේ පාපුවරුව (Footboard) එක කඩාගෙන වැටුණා. වගෙයි. “අනේ ඩොක්‌ටර්… මගෙ පර්ස් එකේ අයිඩෙන්ටිටිය තියෙනවා. දැන්ම නම් අම්මට කියන්න එපා. මට දැන් ජීවත්වෙන්න ඕනෙ නෑ.” මේ තරුණයා එසේ කියා මහ හයියෙන් හුස්‌ම ගන්නට පටන් ගත්තේ විනාඩි හතළිහක පමණ කාලයක් රෝහලේ වෛද්‍යවරුන් හා කාර්ය මණ්‌ඩලය සමග එලෙස කතා කළ පසුවය.
මේ තරුණයා උගත්, බුද්ධිමත් අයෙක් වන්නට ඇතැයි රෝහල් කාර්ය මණ්‌ඩලයට සිතිණි. රෝගියාගේ සිරුරෙන් ලේ වහනය වන්නට වූ පසු වෛද්‍යවරු තරුණ ජීවිතය බේරා ගන්නට නොගත් උත්සාහයක්‌ද නැත. පිටතින් රුධිරය ලබා දුන්නේ කොහොම හෝ මේ වටිනා ජීවිතය බේරා ගන්නටය.
මවට අසීමිතව ආදරය කළ මේ පුතු පණපිටින් ඒ මව වෙත යවන්නට ඇත්නම් කියා වෛද්‍යවරුන්ට සිතුණි. ඒත් ඒ මවට, මේ පුතුගේ අන්තිම වචන කන්දරාවෙන් එකක් හෝ අසන්නට ඉඩ නොදී මාරයා ඒ පුතුව රැගෙන යන්නටම ගියේය.
0 comments:
Post a Comment
Your comment will be visible after approval