ලුහුඩු දැන්වීම් ලුහුඩු දැන්වීම්


Mar 8, 2012

The Final is Finally Here

3 comments
සීබී කුසලාන අවසන් මහ තරඟය අදයි...

ශ‍්‍රී ලංකාව, ඉන්දියාව සහ  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම් අතර පැවත්වුනු කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරඟවලියේ අවසන් මහ තරඟය අද පැවැත්වේ.
අද තරඟයද දිවා රාත‍්‍රී තරඟයක් ලෙස ඇඩිලේඞ්  ඕවල් ක‍්‍රීඩා පිටියේදී පැවැත්වෙන අතර ශ‍්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව ශූරතාවය සඳහා තරඟ වදී.
තරඟාවලියේ අවසන් තරඟ දෙකක් මේ දක්වා පැවැත්වූ අතර ඉන් එක බැගින් දෙපිලම ජය ලබා සම තත්වයේ සිටීමේ හේතුවෙන් අද තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම තරඟාවලියේ ශූරයන් බවට පත් වේ.


ඕස්ට්‍රේලියාව සංවිධානය කරන මෙම තුන්කොන් තරගාවලි වෙනත් විදේශ කණ්ඩායම් වලට සූරතාවය දිනා දෙමින් නිමා වූ අවස්ථා වාර්තා වන්නේ ඉතාමත් කළාතරකින් වුව ද මේ වන විට ශ්‍රී ලංකාවේ දස්කම් ඉතා ඉහළ මට්ටමක පවතිනවා.ඕස්ට්‍රේලියානු ජනමාධ්‍යය,සහ විශාල ප්‍රේක්ෂක සමූහය ද එම ජයග්‍රහණ පිටුපස විශාල කාර්ය භාරයක් ඉටු කරනවා.නමුත් මෙවර තරගාවලියේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් එම තත්ත්වය කණපිට හරවමින් විශාල ලෙස තරගවලට සහභාගි වීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අතිරේක උත්තේජනයක් සපයා දුන්නා.
ඉතා ඉහළ මට්ටමකින් ක්‍රීඩාවේ නියැලෙන සහ එහි ගුණාංග සුරකින කණ්ඩායමක් ලෙස තරගාවලිය තුළ සිටි නිසා මෙන්ම තරගාවලියට සහභාගි වන විට එතරම් ප්‍රබල බලපෑමක් කළ හැකි මට්ටමේ නොසිටි බවක් පෙන් වූ ශ්‍රී ලංකා කණ්ඩායම මානසික මට්ටමෙන් බිද වැට්ටීමේ ක්‍රියාවලිය පක්ෂග්‍රාහී ඕස්ට්‍රේලියානු ජනමාධ්‍යය වෙතින් මග හැරී ගියා...

3 comments:

Anonymous said...
Mar 8, 2012, 8:51:00 AM

සිංහයෝ…….ජය ගනිති…..

Anonymous said...
Mar 8, 2012, 8:53:00 AM

definitely we can win.all THE BEST OUR TEAM

Anonymous said...
Mar 8, 2012, 10:37:00 AM

jaya wewa ape kollannta..

Post a Comment

Your comment will be visible after approval