ලුහුඩු දැන්වීම් ලුහුඩු දැන්වීම්


Mar 23, 2012

Vishaka Student Escapes from Kidnappers

0 comments
විශාඛා සිසුවියක් පැහැර ගනියි
වැඩමුළුවෙන් ලැබූ අත්දැකීමෙන් ජිවිතය බේරා ගනියි
කොළඹ විශාඛා විද්‍යාලයේ 6 වන ශ්‍රේණීයේ ඉගෙනුම ලබන 11 හැවිරිදි දැරියක පසුගිය (21) නාදුනන පිරිසක් විසින් බලහත්කාරයෙන් පැහැරගෙන වෑන් රථයක දමාගෙන යමින් සිටි  එම වෑන් රථයෙන් බිමට පැන පලාගොස් බේරිමට හැකිව තිබේ.
වාර්තා වන ආකාරයට සිද්දිය මෙසේය...


වාර විභාග පැවැත්වෙන බැවින් වෙනදාට වඩා ටිකක් කලින් පාසල අවසන් වූ බැවින් ඇය තනිවම පාසල් ගේට්ටුවේ සිට මීටර් 150 ක් පමණ දුරින් පිහිටි වෑන් රථ නැවතුම්පොළ වෙත පැමිණ තිබේ. එසේ පැමිණෙන විට වාහන තදබදය මැදට හිරවූ ඇයගේ පාසල් බෑගයේ පටියෙන් ඇද කිසියම් පිරිසක් ඇය වෑන් රථයකට දමාගෙන ඇත.වෑන් රථයේ සිව් දෙනෙක් සිටි අතර ඔවුන් සියලුදෙනාම කැප් තොප්පි පැළද සිට ඇත. අතරමගදි ඔවුන් දැරි‍යගේ කරාබු දෙක ද ගලවාගෙන ඇත. දැරිය දමා ගත් වෑන් රථය අධික වේගයෙන් තුම්මුල්ල දෙසට ගොස් ඩික්මන් හරස් පාර ඔස්සේ නැවත ආර්.ඒ. ද මැල් මාවතට පැමිණ තිබේ. විදුලි සංඥා එළියක් අසල වෑන් රථය නතර කර පසු වහා ක්‍රියාත්මක වූ දැරිය වෑන් රථයේ දොර විවෘත කර ගෙන බිමට පැන තිබේ. එවිට පැහැරගැනීමට පැමිණ පිරිස වහාම එතැනින් පළාගොස් ඇත. පසුව දැරිය පාසලට නුදුරු රථගාලට පැමිණීමෙන් පසු එහි සිටි පිරිස මේ බව පොලිසීයට දන්වා දැරිය මාපියන් වෙත භාර දී ඇත.


මෙම සිදුවීමට සතියට පෙර විශාඛා විද්‍යාලයේ ළමාරක්ෂක අධිකාරිය මගින් තම ආරක්ෂාව තමා විසින්ම සලසා ගන්නා ආකාරය පිළිබදව පුහුණු වැඩමුළුවක් පවත්වා ඇත. එහිදි ලැබු අත්දැකීම් දැරියට තම ජීවිතය බේරා ගැනිමට ‍මහත් උපකාරයක් වූ බව පොලිසීය පවසයි.


මෙම පැහැරගැනීම කප්පම් ලබාගැනීම සදහා සිදු කරනු ලද්දක් බව පොලිසිය සැක පළ කරන අතර වාහනයේ සිටි කිසිවෙකු තවම සොයාගෙන නැත.

0 comments:

Post a Comment

Your comment will be visible after approval