ශ්‍රී ලාංකිකයෙක් තම හිසකේ වලින් එල්ලී ලෝක වාර්තාවක්
තම හිසකේ වලින් එල්ලී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු සමත්වී ඇති බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.මොහු මිනිත්තු 23 ක් සිය හිසකේ වලින් එල්ලී සිට ඇති බවත්,තමන් විසින්
භාවිතා කරනු ලබන්නේ ස්වභාවික තෙල් බැවින් හිසකේ ශක්තිමත් බව මොහු විසින්
පවසා ඇති බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.
තිස් හත් වියැති ශිවනන්තුරෙයි නමැති මොහු ක්වීන්ස්ලන්ඩ් වලදී මිනිත්තු 23කුත් තත්පර 24 ක් එල්ලී සිට තිබේ. බරින් කිලෝ ග්රෑම් 57 ක් වන මොහු යෝගා හා භාවනා ක්‍රම ප්‍රගුණ කොට ඇති
බවත්,හිසකේ වලින් එල්ලී සිටියදී වේදනාව සමනය කර ගැනීම සඳහා භාවනායෝගීව සිටි
බවත් ඔහු පෙන්වා දී ඇත. තමාට මෙවැනි ලෝක වාර්තාවක් පිහිටුවීම සඳහා අදහසක් පහලවූයේ ශ්‍රී ලංකාවේ
සරණාගත කඳවුරක ජීවත්වූ කාලයේදී බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Dec 20, 2011
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Your comment will be visible after approval