ලුහුඩු දැන්වීම් ලුහුඩු දැන්වීම්


Dec 19, 2011

Ranil Wins Again

0 comments

rks,a kej; kdhl...

පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී නායකයා තෝරාගැනීම වෙනුවෙන්වූ ඡන්ද විමසීම පැවති අතර ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතා සමගින් ප.ම කරූ ජයසූරිය මහතා ඉදිරිපත්ව සිටි අතර ඒ මහතාට ලබාගත හැකිවූයේ ඡන්ද 22 ක් පමණි. විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ඡන්ද 72 ක් ලබාගැනීමට සමත්විය.

පක්ෂයේ නායකත්වය සඳහා පමණක් නොව නියෝජ්‍ය නායක හා ජාතික සංවිධායක ධූරය සඳහාද එහිදී ඡන්ද විමසීම සිදුකෙරුනු අතර නියෝජ්‍ය නායකධූරය සඳහා පා.ම සජිත් ප්‍රේමදාස මහතාද ජාතික සංවිධායක ධූරය සඳහා දයා ගමගේද මහතා තේරී පත්විය.

එහිදී නියෝජ්‍ය නායක ධූරය සඳහා සජිත් ප්‍රේමදාස මහතා සමගින් ඉදිරිපත්වූ රවී කරුණානායක මහතා ඡන්ද 42 ක් ලබාගත් අතර සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 50 ක් ලබාගැනීමට සමත්විය. ජාතික සංවිධායකධූරය සඳහා දයා ගමගේ මහතා සමගින් ඉදිරිපත්වූ දයාසිරි ජයසේකර මහතාට ඡන්ද 36 ක්ද දයා ගමගේ මහතාට ඡන්ද 56 ක්ද එහිදී හිමිවිය.

එක්සත් ජාතික පක්ෂ නායකත්වය සඳහා පැවැති ඡන්දයේ  ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත්වීමත් සමග එම පක්ෂයේ මූලස්ථානය වූ  'සිරිකොත ' ඉදිරිපිට දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ...

0 comments:

Post a Comment

Your comment will be visible after approval