
ජනප්‍රිය වේදිකාව, ටෙලිනාට්‍ය මෙන්ම සිනමා ක්ෂේත්රයේ රංගන ශිල්පියකු වන ඇන්ටන් ජූඩ් මහතා ඊයේ රාත්‍රීයේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී ඇත.
මහනුවර චිත්‍රපටයක රූගත කිරිම් සිදුකර පැමිණෙමින් සිටියදී ඇන්ටන් ජූඩ් මහතා හෘදයාබාධයකට ලක්ව වහාම රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මෙලොව හැරගොස් සිටි බව සඳහන් වේ. මිය යනවිට ඔහු 50 වියේ පසුවු ඔහු විකට චරිත නනිරූපණ ශිල්පියෙකු ලෙස ප්රකටයි.
මොහු ඇතැම්විට හැඳින්වූයේ එවැනි එක් නිර්මාණයක් වූ ‘‘ආයිස් අම්මා ගුංඩු’’ යන නමින්. ගැලීලියෝ, සෙක්කුව, පස්මහ බැලූම් සහ පස්වැන්නා වැනි වේදිකා නාට්‍ය ඇන්ටන් ජූඞ්ගේ රංග ප්‍රතිභාව විදහා දැක්වුණු නිර්මාණ කීපයක්. පසුගිය කාලය තුළ ඔහු ජනප්‍රියත්වයට පත්වූයේ හාස්‍යය උපදවන ගීත නිර්මාණ තුළින්. සිනමා නිර්මාණ රැසකටම දායක වූ ඇන්ටන් ජූඞ් පසුගියදා තිරගතවූ ‘‘සිකුරු හතේ’’ චිත්‍රපටයේ නිරූපනය කළ චරිතය කැපී පෙනෙනවා.
5 comments:
ශ්‍රේෂ්ට කල කරුවණනි... දිනක මේ රග මඩල හැරදා අප ඔබ වෙත එනෙමු...! ඔබට නිවන් සුව..!
ඔබට නිවන් සුව..!
ඔබතුමාට නිවන් සුව, ලේ ටිකක් පිරිසිඳු වෙන්න හිනා වුන ඔබ තුමාට පින් සිද්ද වෙන්න, නිරහංකාර දක්ෂ කලාකරුවෙක් !!
අහෝ දුකකි. කලාකරුවානෙනි ඔබට නිවන් සුව !
හිතදර ඇන්ටන් ජුඩ් ඔබ අපේ මුහුණත් තට්ටුවට හිනාව එක්කිරිමට ගත් උත්සහය අපමණයි............මිනිහෙක් ඇත්තටම හිනස්සනවා කියන්නේ ඇත්තටම ලෝකේ තියෙන අමාරුම වැඩේ කියලා ගොඩක් අය දන්නේ නැති උනාට ඒක ඔබ සැබැවටම තේරුම් ගත්තා.............ඒත් අද දිනයේදි ඔබ මැවු ඒ අපේ හිනාව මොහොතකට අතුරුදහන් වෙල්......... මම ඔබට නිවන් සුව කියන්නේ නෑ......... හේතුව නැවත ආත්මයක ඔබ මවන ඒ හිනාව අපිට ඕන නිසා.........
Post a Comment
Your comment will be visible after approval