මෙතෙර රසවත් සිදුවීම් පෙළහර
ආසියාව හොල්ලන ක්‍රිකට් සටන ඇරඹෙයි
මෙවර
ආසියානු කුසලාන සඳහා තරග වදින කණ්‌ඩායම් හතර අතරින් වෙහෙසකර
කණ්‌ඩායම බවට ශ්‍රී ලංකාව පත්ව ඇත. ශ්‍රී ලංකාව මෙම වසරේ එක්‌දින තරග
16 කට සහභාගි වී ජයග්‍රහණය 7 ක්, පරාජයන් 8 ක් සහ විසඳුමකින් තොරව
එක් තරගයක් ලෙස අවසන් කර ගෙන තිබේ. එහෙත් සත්කාර බංග්ලාදේශය මෙම
වසරේ සහභාගි වන පළමු ජාත්‍යන්තර තරගාවලිය මෙය වෙයි. ඉන්දියානු
කණ්‌ඩායම මෙම වසරේ එක්‌දින තරග 8 කට සහභාගි වී ජයග්‍රහණ 3 ක් සහ
පරාජයන් 4 ක් ලබා ඇති අතර එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් කර
ගෙන ඇත. පාකිස්‌තාන් කණ්‌ඩායම මෙම වසරේදී තරග පහකට සහභාගි වී එක්
ජයග්‍රහණයක් සහ පරාජයන් 4 ක් ලබා ඇත. අදාළ දත්ත අනුව ශ්‍රී ලංකාව,
ඉන්දියාව සහ පාකිස්‌තානය මෙම වසරේ ජයග්‍රහණ අභිබවා පරාජයන් ලබා ඇත.
එබැවින් ආසියානු ශූරයෝ කවුරුන්ද යන්න අනාවැකි පළ කිරීම අසීරු
කරුණක් වී තිබේ.
ආසියානු
කුසලාන ඉතිහාසය අනුව වැඩිම වරක් ආසියානු ශූරතාව දිනා ඇත්තේ
ඉන්දියාව විසිනි. ඔවුන් පස් වරක් ආසියානු ශූරතාව දිනා ඇති අතර එහි
දෙවැනි ස්‌ථානයට පත්ව ඇති ශ්‍රී ලංකාව සිව් වතාවක් ශූරතාව දිනා ඇත.
ප්‍රබල කණ්‌ඩායමක් වන පාකිස්‌තානය එක් වරක් පමණක් ආසියානු කුසලාන
දිනා තිබේ.
0 comments:
Post a Comment
Your comment will be visible after approval