
ශ්‍රී ලංකා පිලේ උප නායක ඇන්ජලෝ මැතිව්ස්ට බංග්ලාදේශයේදී දැන් පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබේ. ඕස්ටේ‍්‍රලියාවේදී පැවැති කොමන්වේල්ත් බැංකු තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේදී ආබාධයකට ලක්වීම නිසා මැතිව්ස් ට එහි අවසන් වටයේ තරග දෙකට සහභාගිවීමේ අවස්ථාව අහිමි විය.
පාදයේ ආබාධයකට ලක්ව සිටින මැතිව්ස් ශ්‍රී ලංකාවට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මැතිව්ස්ගේ ස්ථානයට වේග පන්දු යවන ක‍්‍රීඩක ශමින්ද එරංග ශ්‍රී ලංකා සංචිතයට එක් එක් කර ඇතැයි වාර්තාවේ. 25 හැවිරිදි මොහු මේ දක්වා සහභාගිවී ඇත්තේ එක්දින තරග තුනකට පමණි.
ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවැනි තරගය පාකිස්තානයට එරෙහිව අද මීර්පූර්හි ශියා බංග්ලා ජාතික ක‍්‍රීඩාංගණයේදී දිවා/රාත‍්‍රි තරගයක් ලෙස පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතය.යම් හෙයකින් මෙම තරගය පරාජය වුවහොත් ශ්‍රී ලංකාවට අවසන් තරගය සඳහා පිවිසීමට ඇති අවස්ථාව අහිමි වනු ඇති.
0 comments:
Post a Comment
Your comment will be visible after approval