ලුහුඩු දැන්වීම් ලුහුඩු දැන්වීම්


Mar 14, 2012

Mobitel dropped @ Asia Cup

1 comments

ක්‍රිකට් කමිසයෙන් "මොබිටෙල්" ඉවතට 

ශ්‍රී ලංකා කි‍්‍රකට් පිලේ නිල අනුග‍්‍රාහකයා වන මොබිටෙල් සමාගමේ ලාංඡනය ආසියානු කිරුළ සදහා සහභාගි වන  කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ කමිසවලින් ඉවත්කර ඇත. ආසියානු කුසලානය යටතේ ලංකාව සහභාගී වූ පලමු තරගය වන  ඉන්දියාව හා ශී‍්‍ර ලංකාව අතර බංග්ලාදේශයේ පැවැති තරගයේදී ශී‍්‍ර ලංකා පිල කී‍්‍රඩාකරනු ලැබුවේ මොබිටෙල් ලාංඡනය ඉවත්කරන ලද කමිස ඇදගෙනය. 

ජංගම දුරකතන නිපදවනු ලබන ඉන්දීය සමාගමක් වන මයික්‍රෝමැක්ස් සමාගම මෙම තරගාවලියේ නිල අනුග‍්‍රාහකයන් ලෙස කටයුතු කිරීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙයට මැදිහත් නොවීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇතැයි ක්‍රිකට් විචාරකයෝ පෙන්වා දෙති.

කෙසේවුවත්  ඉකුත් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී ජංගම දුරකථන සේවා සපයන රිලයන්ස් සමාගම එහි නිල අනුග‍්‍රාහකයෙක් ලෙස කටයුතු කලද ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ට මොබිටෙල් ලාංඡනය සහිත කමිස භාවිතා කිරීමට අවකාශ ලබාදී තිබිණි.

1 comments:

Anonymous said...
Mar 14, 2012, 9:52:00 PM

ape moda harakge wada nisa thamai me saerma...

Post a Comment

Your comment will be visible after approval