ලුහුඩු දැන්වීම් ලුහුඩු දැන්වීම්


Mar 13, 2012

Dayasiri Jayasekara - Awasana Mohotha

5 comments

අවසාන මොහොත මාගේ...

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ දුම්මලසූරිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගි වුණා. එහිදී පෙට්‍රල් මිල ඉහලයාම ගැන ඔහු පැවසුවේ මෙලෙසින්

"පසුගිය ටිකේ පෙට්‍රල් නැග්ගා. දරුණුවට නැග්ගා පෙට්‍රල්. හැබැයි ලෝක වෙළඳපොලේ නැගලා නෑ. ලෝක වෙළඳපොලේ නගිනවා මෙහේ බහිනවා.

ලංකාවේ වරායට ගේන්නේ රැපියල් අසූ දෙකයි පෙට්‍රල් ලීටරය. අරෙහේ ඉදලා ‍කිලෝමීටර් 60ක් එනකොට අසූ දෙකට ගෙනාපු පෙට්‍රල් ලීටර් එක එකසිය හතලිස් පහයි මුන්ගේ. ‍

කාගෙන්ද ගහන්නේ මේ සල්ලි. තමුන්නාන්සේලාගෙන් අපෙන් තමයි ගහන්නේ දැන්. මම දැක්කා එක කාටූන් එකක ඇදලා තියෙනවා පෙට්‍රල් ගහන ෂෙඩ් එක ළඟ තියෙන්නේ අර පොම්පේ තියෙන්නේ. පොම්පේ එකෙක් ඔළුවට තියාගෙන කියනවා

අවසාන මොහොත මාගේ...
ඩීසල් පෙට්‍රල් දෑස මානේ...
පෙනේවි රූපේ ඔබගේ...
මැවි මැවි මහින්ද මාමේ...."

එම වීඩියෝව පහලින්





5 comments:

Anonymous said...
Mar 14, 2012, 6:31:00 AM

අනේ අනේ මහින්ද මාමට මුකුත් කියන්න එපා..අපිට යන්න අදිවේගී පාරකුත් හැදුව නැවූ එන්නේ නැති උනාට වරායකුත් හැදුව...නෙලුම් පොකුණක්ද මොකක්ද රෙද්දකුත් හැදුව නේද.....මේකට කියන්නේ ආසියාවේ ආශ්චර්ය නොහොත් මහින්ද මාමගේ සුබ අනාගතේ කියල.....

Anonymous said...
Mar 14, 2012, 6:34:00 AM

ඇයි පුතා නෙලුම් කුලුණකුත් හදනවා..

Anonymous said...
Mar 14, 2012, 6:38:00 AM

අවසාන මොහොත අපේ . උඹල නම් කොහෙන් ගියත් ගොඩ

Anonymous said...
Mar 14, 2012, 6:46:00 AM

උබලගේ ඔය මෝඩ ජෝක් නිසා තමයි බූරුවෝ මහින්දය අපිට මෙහෙම අරින්නේ. කොන්ද පන තියන විපක්ශයක් විපක්ශ නායකයෙක් විපක්ශ මන්ත්‍රීවරු පිරිසක් හිටියනම් අද අපිට මෙහෙම වෙන්නේ නෑ.ඒකවත් තේරුම් ගන්න බැරු ගොබ්බ හැත්තනේ උබල ඉතින් තව මොනවාද ? හෙට පෙට්‍රල් රු 250ක් උනත් උබලා කවි කියයි හෝන් ගහයි, ගොන් කරත්තවල යයි.පස්සේ ජීවන වියදම වැඩී කියලා වරප්‍රසාද වැඩිකරගනියි. මහජනතාව උන අපිට උබලගේ ඔක්කොම කුනු බර පැටවෙයි !

Anonymous said...
Mar 14, 2012, 9:58:00 PM

Ey kathawanam sahatika aththa...

Post a Comment

Your comment will be visible after approval