ලුහුඩු දැන්වීම් ලුහුඩු දැන්වීම්


Mar 14, 2012

PS secretary transferred for not calling Geetha "madam"

3 comments

ගීතාට ‘මැඩම්’ නොකී ප‍්‍රා.ලේ විසිවෙයි

ඇල්පිටිය ප‍්‍රාදේශීය ලේකම් අනුෂා බටවල ගමගේ මහත්මිය මාරු කර යැවීමට හේතුවී ඇත්තේ බෙන්තර ඇල්පිටිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායිකා ගීතා කුමාරිසිංහ මහත්මියට ‘මැඩම්’ යැයි ආමන්ත‍්‍රණය නොකිරීම යැයි වාර්තා වේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රී මේජර් අජිත් ප‍්‍රසන්න මහතා දකුණු පළාත් මාසික රැස්වීමේදී මේ පිළිබඳව හෙළිදරව් කළේය.
ප‍්‍රාදේශීය ලේකම්වරිය අතිමහත් සේවාවක් ප‍්‍රදේශයට කළ බවද ඔහු කීය.
මෙවැනි අසාධාරණ බලපෑම් සිදුවීම නැවැත්විය යුතු බවත්, ඉතා හොඳින් වැඩකළ ප‍්‍රාදේශීය ලේකම්වරියක ඇල්පිටියට අහිමිවී තිබෙන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ඉල්ලා යවන ලෙස ප‍්‍රසන්න මහතා ඉල්ලා සිටියේය.
මේ පිළිබඳව අප ගාල්ල වැඩබලන දිසාපති බන්දුල හරිශ්චන්ද්‍ර මහතා පැවසුවේ, හිටපු ඇල්පිටිය ප‍්‍රාදේශීය ලේකම්වරිය ස්ථාන මාරුවී ගොස් ඇත්තේ ඇයගේ ඉල්ලීමකට අනුව බවයි.

3 comments:

Anonymous said...
Mar 14, 2012, 5:39:00 PM

brothel madam kiyala kiwwoth nam kamak neha

Anonymous said...
Mar 14, 2012, 5:42:00 PM

එහෙම නෙන්නං වැඩ කෙරෙන්න ඔනැ. චාරයක් නැති, අධ්‍යාපනක් නැති, හතරවටේට බිබික්කම කරකෝල ආපු උන්ට තමයි "මැඩම්" කියන්න ඔනැ. එහෙම් නැතුව සීලාචාරකමක්, ඉගනීමක් ඇති අයට නෙමෙයි.

Anonymous said...
Mar 14, 2012, 5:44:00 PM

කුණුහරප තමයි මතක්වෙන්නෙ....

ප්‍රාෙද්ශීය ලේකම් කියන්නෙ උගත් බුද්ධිමත් පරිපාලන සේවා සමත් පුහුණු සැසි සියගණනකට සහභාගි වුන කෙනෙක්. ඒ වගේ දැනුමෙන් බුද්ධියෙන් සන්නද්ධ කෙනෙක් මේ වගේ ගණිකාවෝ මී හරක් බූරුවො මෝඩයොන්ට දෙකට නැමෙන්න ඕන නෑ.

ඔබ තුමියට අපගේ ගෞරවය පිරිනැමෙන අතර ඕකුංගේ යන තැනක හොදින් රාජකාරි කරන්න ලැබේවායි පතමි......

Post a Comment

Your comment will be visible after approval