ලුහුඩු දැන්වීම් ලුහුඩු දැන්වීම්


Mar 19, 2012

Probe on Theft at Museum ‎

2 comments
අධි ආරක්ෂිත කලාපයක තිබී රැකගැන්මට බැරිවූ කෞතුකාගාරය

කොළඹ අධි ආරක්ෂිත කලාපයක පිහිටා තිබූ කෞතුකාගාරයේ පුරවස්තු කීපයක් පසුගියදා අතුරුදහන් වීමේ පුවත බොහෝ දෙනෙකුගේ හද සසල කරවන්නක් වුණා.

මේ වන විට හඳුනාගෙත හැකි ආකාරයට මහනුවර යුගයට අයත් රන් ආලේපිත අසිපත් 08 ක්, බස්‌තමක හිස කොටසක්‌, රන් මුදු 6ක්‌, දඹ රන් කහවනු 92ක්‌, ඉපැරණි මුදල් නෝට්‌ටු තොගයක්‌ සොරුන් විසින් රැගෙන ගොස් තිබෙනවා.


එහි තිබූ කැමරා පද්ධතිය පිළිබඳව විවිධ පුද්ගලයක් පවසන්නේ විවිධ අදහස්.

කෞතුකාගාර අධ්‍යක්ෂ වරිය ආචාර්ය නන්දා වික්‍රමසිංහ මහත්මිය පවසන්නේ එම කැමරා පද්ධතිය ඉතා හොඳින් ක්‍රියා කළ බවත් එහි අඩංගු පටිගත දත්ත පොලීසියට ලබා දුන් බවත්ය. ඇය පවසන්නේ අනතුරු ඇඟවීමේ නලා පද්ධතියක් නොතිබුණු එම කැමරා පද්ධතිය නයිට් විෂන් වර්ගයේ එකක් බවයි.

නමුත් ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය මහතා පවසන්නේ එම කැමරා පද්ධතිය සොරකමට දින දෙකකට පෙර සිට ක්‍රියාත්මක වී නැති බවයි.
අලුත්වැඩියා කටයුත්තක්‌ සඳහා කෞතුකාගාරයේ සී.සී.ටී.වී. කැමරා පද්ධතිය දින දෙකක්‌ තිස්‌සේ අක්‍රියකර තිබූ නිසා ඒ පිළිබඳව හොඳින් දැනසිටි පිරිසක්‌ පසුගිය 16 වැනිදා කෞතුකාගාරය වසා දමන අවස්‌ථාවේත් එහි සැඟවී සිට ඇත

රාත්‍රි කාලයේදී මෙම පුරාවස්‌තු සොරකම සිදුවී ඇති අතර පුරාවස්‌තු සොරාගත් පුද්ගලයා රන්කාසි, මුදු සහ අසිපත් ඇතුළු පුරාවස්‌තු සියල්ල තැන්පත් කර තිබූ වීදුරු අල්මාරි කඩා බිඳ දැමීමක්‌ නොකර අගුලු ඉතා සූක්‍ෂම ලෙස විවෘත කර පුරවස්‌තු රැගෙන ඇත.

ඉන්පසු ඔහු සියල්ල සොරාගෙන කෞතුකාගාරයේ දෙවැනි මහලේ දොරක්‌ විවෘත කරගෙන සඳලුතලයට පැමිණ දෙවැනි මහලේ සිට ඇතිරිල්ලක්‌ කඹයක්‌ ලෙස යොදාගෙන පහළ සිටි පුද්ගලයකුට සොරාගත් අසිපත් ඇතුළු පුරාවස්‌තු ලබාදී ඇත. පසුව එම පුද්ගලයා ද දෙවැනි මහලේ සඳලු තලයේ සිට ඇඳ ඇතිරිල්ලේ එල්ලී පහළට පැමිණ පුරාවස්‌තු තොගයද රැගෙන පලාගොස්‌ තිබේ.

සිද්ධිය වූ දින කෞතුකාගාරයේ ආරක්‍ෂාවට සිට ඇත්තේ ආරක්‍ෂක නිලධාරීන් තිදෙනකු පමණි. මේ අතර රාජකාරි නොමැතිව ආරක්‍ෂක නිලධාරි විවේකාගාරයේ තවත් නිලධාරීන් සිව්දෙනකු රැඳී සිට ඇති බවද හෙළිවී තිබෙනවා.මෙම පුරාවස්‌තු සොරකම ගැන පරීක්‍ෂා කිරීම සඳහා යෙදවූ පොලිස්‌ නිල සුනඛයන් කෞතුකාගාර ආරක්‍ෂක නිලධාරී විවේකාගාරය වෙත ගිය බවද රහස්‌ පොලිසිය කියා සිටියා. පුරාවස්‌තු හොරකම සඳහා කෞතුකාගාර ආරක්‍ෂක නිලධාරීන්ගේ කිසියම් සහයක්‌ ලැබුණේ ද යන්න පිළිබඳ පොලිසිය සොයා බලාගෙන යයි.


කෞතුකාගාර ආරක්‍ෂක නිලධාරීන් 17 වැනිදා පෙරවරුවේ එය විවෘත කර පරීක්‍ෂා කරද්දී එහි තිබූ භාණ්‌ඩ රැසක්‌ අතුරුදන් වී ඇති බව හෙළිදරව් විය. කෞතුකාගාර ප්‍රධාන ආරක්‍ෂක නිලධාරියා ඒ පිළිබඳව කුරුඳුවත්ත පොලිසිය වෙත දැනුම් දීමෙන් පසුව පරීක්‍ෂණ ආරම්භ කෙරිණි. අක්‌කර 08 ක භූමි භාගයක්‌ පුරා පැතිරුණ කෞතුකාගාර භූමිය ආරක්‍ෂාව සඳහා සිට ඇත්තේ නිලධාරීන් තිදෙනකු පමණි. මිල කළ නොහැකි වටිනාකමකින් යුත් අති විශාල පුරාවස්‌තු ප්‍රමාණයක්‌ තැන්පත් කර ඇති කෞතුකාගාරය වෙත ලබා දුන් ආරක්‍ෂාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව පොලිසිය පවසයි.


2 comments:

Anonymous said...
Mar 19, 2012, 2:29:00 PM

රටේ ඉතිහාසෙ හොරකන් කරන් යනකන් කරන් යනකන් කවුරැත් දන්නෙ නෑ......ශුවර් එකටම ඕක දැන් ඇත්තේ MR ගාව වෙන කාටද කඩුවක් ඕනි ර‍ජෙක් කියල හිටාගෙන ඉන්න එක්කෙනෙක්ට මිසක්....LOL
ආසියාවේ ආශ්චර‍්යය.......ඔහොම ‍යං....ඔහොම ‍යං....

Anonymous said...
Mar 19, 2012, 2:36:00 PM

Lankawa podi minisunta thiyana arthika ahanikam thami mewata mula, Ajith mahathaya monwidiyata kiuwath badu mila wadi wela neha kiyala mewage dewal walin therana badu mila ketharam wadida kiyala

Post a Comment

Your comment will be visible after approval