ලුහුඩු දැන්වීම් ලුහුඩු දැන්වීම්


May 3, 2012

Upcountry dairy owners in protest

0 comments
හැටන් පාරවල් එළකිරෙන් නැහැවේ
නුවරඑලිය කිරි ගොවින් සිය කිරි අස්වැන්න විකුණා ගත නොහැකිව මහා මග විරෝධතාවක නියැලුනා.
මීට පෙර ඔවුන්ගෙන් කිරි මිලදී ගත් මිල්කෝ සමගම විසින් කිරි අතිරික්තයක් ඇති බව පවසමින් මිලදී ගැනීම් සිමා කිරීම හා කිරි ලීටරයකට ලැබෙන මිල අඩුවීම හේතුවෙන් දිනපතා කිරි ලීටර් 15000 ක් අපතේ ගොස් තිබෙනවා.මෙතරම් කිරි ප්‍රමාණයක් මෙසේ මහමග අපතේ යෑම ජාතික අපරාධයකි. රටේ වේලක් කෑමට නොමැති මිනිසුනුත් සිටිද්දී මේ සා විශාල කිරි ප්‍රමාණයක් මහමග දැමීමට තරම් ශ්‍රී ලංකාව ස්වයංපෝෂිතද ?

මේ එක් කිරි ගොවිමහතෙකුගේ අදහස් දැක්වීමක් 
"මේ කිරි අපි එකතු කරලා දෙන්නේ ප්‍රයිවට් ආයතන වලට මැයි පළවෙනිදා ඉඳන් කිව්වා අපෙන් කිරි ටික ගන්නේ නැහැ කියලා ..කිරි අපි කොහෙටද ගිහින් දෙන්නේ කියලා ඇහුවම ඒ කට්ටිය කියනවා පවුඩර් මිලක් එක ස්ටොක් එකේ තියෙනවා ඒ නිසා කිරි අපිට ගන්න විදියක් නැහැ අනික ඕගොල්ලන්ගේ කිරි අරගෙන අපිට ඒවා පවුඩර් කරන්න ලොකු මිලක් යනවා ඉතින් මෙහෙම ගන්නවට වඩා පිටරටින් පවුඩර් ගන්න එක අපිට ලාබයි ඉතින් ඒ කට්ටිය එපා කිව්වම දවසකට කිරි ලීටර් 15000 ක් පමණ නිකන් කාණුවට දානවා ‘
 කිරි නිෂ්පාදනය සියයට 20 ක් විතර වැඩි වෙලා තියෙද්දී මේ විදියට කිරි ටික දෙන්න තැනක් නැති වුනාම අපිට සත්තු ටික මස් කඩේට තමා දක්කන්න වෙන්නේ "

මොවුන්ගේ මෙම ගැටලුවට වගකිවයුතු පාර්ශව කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නේ නම් දිනපතා කාණුවට දමන කිරි ලීටර් පහළොස්දහසකින් කොපමණ ප්‍රයෝජනයක් සැලසේද !



කිරි පාරට මුදා හල ආකාරය බලන්න පහතින් 













0 comments:

Post a Comment

Your comment will be visible after approval